Analysis
පොහොර - කඩවුණු පොරොන්දු සහ ප්‍රතිපත්තිමය වැරදි
Jun 09, 2022
මෙය ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය සහ රට මෙතැනට ගෙන ආ බොහෝ තීන්දු පිළිබඳ කතාවකි.

ශ්‍රී ලංකාව එහි මෑත ඉතිහාසයේ දරුණුතම ආහාර අර්බුදයට මුහුණ දෙමින් සිටී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැනවූ පුළුල් පොහොර තහනම මෙම අර්බුදයට සෘජු හේතුව ලෙස සැලකිය හැකිය. මෙම ලිපියෙන් අපි පොහොර සහනාධාරයේ ඉතිහාසය, ශ්‍රී ලංකාවේ පොහොර තහනම පැන වූ කාලසීමාව සහ ඉන් මෙතෙක් සිදු වූ පාඩුව පිළිබඳව ගවේෂණය කරන අතර එහි බලපෑම කෙටියෙන් සලකා බලමු.

වලපනේ ගොවියෙක් තම හිස් කුඹුර හරහා ඇවිදියි - ඔහුගේ වගාවට යන වියදම දෙගුණයක් වී ඇතත් ඔහුගේ අස්වැන්න අඩකින් අඩු වී ඇත. ඡායාරූපය: අමලිනි ද සේරා

කාබනික ප්‍රතිපත්තිය - එය ආවේ කොහෙන්ද?

පොහොර සහනාධාරයේ ඉතිහාසය

සහනාධාරය සඳහා වැය කර ඇති වියදම

රජයේ මුළු වියදම (රුපියල් බිලියනවලින්)

සහනාධාරය සඳහා වැය කර ඇති වියදම (රුපියල් මිලියනවලින්)

සහනාධාරය සඳහා වන වියදම රජයේ වියදමින් % ලෙස

සහනාධාරයේ හේතුඵලතාව

සහල් නිෂ්පාදනය - මෙට්‍රික් ටොන් '000

ජනගහනය

වගා කළ හැකි ඉඩම් හෙක්ටයාරයකට පොහොර කිලෝග්‍රෑම් (Fertiliser kg/ha of arable land)

තහනම සහ එය ආපසු හැරවීම

රෝගයට වඩා හානියක් ප්‍රතිකාරයෙන් වීම

මේ සියල්ල එකට සලකා බලමු

පාද සටහන්

මෙම ලිපිය සඳහා දත්ත

  • සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව තුළ ආහාර හිඟයක් ඇති විය හැක; අගමැති, කොළඹ නගරාධිපති සහ විශේෂඥයෝ අනතුරු අඟවති.
  • අපි දළ වශයෙන් හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 4800 ක අස්වැන්නක සිට ආහාර හිඟයට මුහුණ දීම සඳහා කෙටි කාලීන ගොවිපළවල් පිහිටුවීම අවශ්‍ය වීම දක්වා පහත වැටුනෙමු.
  • අස්වනු පාඩුව 50% ඉක්මවයි.
  • පසුගිය වසරේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එක රැයෙන් පනවන ලද පුළුල් පොහොර තහනම මෙයට හේතු විය.
  • කෙසේ වෙතත්, කාබනික ගොවිතැන යන්න ගැටලුව නොවේ. ගැටලුව වන්නේ පමණ ඉක්මවා සරල කොට දක්වන ලද සංකල්ප මත පදනම් වූ ප්‍රතිපත්ති වේ.

“මට ඉහළ අස්වැන්නකට වඩා ජීවිත වටිනවා...” - ගෝඨාභය රාජපක්ෂ, 2021 අප්‍රේල් 22

විනාශකාරී ප්‍රතිපත්තියක මෙම විශේෂිත පරිච්ඡේදය ජනාධිපතිවරයා විසින් ඉහත ප්‍රකාශය කිරීමත් සමඟ ආරම්භ විය. වැඩිවන ජනගහනය පෝෂණය කිරීම සඳහා ඉහළ අස්වැන්නක් අත්‍යවශ්‍ය බව ඔහුට නොතේරීම අවාසනාවකි.

කෘෂිකර්මය යනු පස, කාලගුණය, බීජ, සතුන් සහ මිනිසුන් අතර සියුම් අන්තර් ක්‍රියාකාරීත්වයකි. එය අපට එක් ලිපි මාලාවකින් කොටස් කොට තේරුම් ගැනීමට උත්සාහ කළ නොහැකි තරමට පුළුල් කර්තව්‍යයකි. එලෙසම, එය එක් ප්‍රතිපත්තිමය තීරණයකින් එක රැයකින් වෙනස් කළ නොහැකි තරම් සංකීර්ණ දෙයකි.

කාබනික ප්‍රතිපත්තිය - එය ආවේ කොහෙන්ද?

රසායනික පොහොරවලින් ඉවත් වී ‘විකල්ප’ පොහොරවලට මාරුවීම පසුගිය ජනාධිපතිවරණ තුනේදීම ලබා දුන් ප්‍රතිපත්තිමය පොරොන්දු සහ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබූ අංගයකි.

ප්‍රතිපත්තිමය පොරොන්දු:

2010: මහින්ද චින්තන ඉදිරි දැක්ම

කාබනික පොහොර භාවිතය සහ ඒවා නිෂ්පාදනය කිරීම තවදුරටත් දිරිමත් කිරීම

2015: මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්

රසායනික පොහොර සහ කෘෂි රසායන ක්‍රමයෙන් ඉවත් කිරීම සඳහා කාල රාමුවක් සකස් කිරීම [1]

2019: ගෝඨාභය - රට හදන සෞභාග්‍යයේ දැක්ම

ඉදිරි වසර දහය තුළ ශ්‍රී ලංකා කෘෂිකර්මාන්තයේ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම; කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොහොර පිළිබඳව විශාල වශයෙන් ඇතුළත් වේ. එය දැනට පවතින පොහොර සහනාධාර ක්‍රමය විකල්ප ක්‍රමයක් මගින් ප්‍රතිස්ථාපනය කොට අවසානයේ 'සම්පූර්ණ වශයෙන් කාබනික පොහොර භාවිත කරන පද්ධතියකට ක්‍රමානුකූලව’ මාරු වීම පිළිබඳව දක්වයි. කෙසේ වෙතත්, මැතිවරණ ප්‍රචාරක කාලසීමාවේ දී තම රජය පත් වුවහොත් සියලුම ගොවීන්ට නොමිලේ රසායනික පොහොර ලබා දෙන බවට මහින්ද රාජපක්ෂ පොරොන්දු විය.

'ක්‍රමයෙන්' යන්න මෙහි මූලික පදය වන අතර, ඇත්ත වශයෙන්ම සිදු කළ බලාත්මක කිරීම කිසිසේත්ම ක්‍රමයෙන් සිදු නොවූ ආකාරය අපි පසුව සලකා බලමු.

පොහොර සහනාධාරයේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ රජයන් සෑම විටම කෘෂිකාර්මික අංශයට, විශේෂයෙන්ම වී නිෂ්පාදනයට මැදිහත් වී ඇත. මෙය සිදු කර ඇති එක් ආකාරයක් වන්නේ කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණෙන් පොහොර සහනාධාර ලබා දීමයි. ගෝඨාභය රාජපක්ෂගේ රජය ඔවුන්ගේ රසායනික පොහොර තහනම සමඟ මෙයට හාත්පසින්ම වෙනස් මාර්ගයක් ගැනීමට තීරණය කරන ලදි.

මෙම තහනම සහ වසරකට පසුව එය ආපසු හැරවීම යනු දශක ගණනාවක් පුරා දිවෙන කතාවක නවතම පියවර වේ:

  • 1948: සහතික මිල යෝජනා ක්‍රමය - ගොවීන්ට ඔවුන්ගේ බෝග සඳහා ‘සාධාරණ’ මිලක් සහතික කරමින් රජය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා වී මිලදී ගන්නා ලදි.
  • 1951: පොහොර සහනාධාර යෝජනා ක්‍රමය - අත්පිට මුදලට සහ ණයට යන දෙයාකාරයටම මිලදී ගැනීමේ දී වී වගාව සඳහා 50% ක සහනාධාරයක් ලබාදීම.
  • 1962: වී වගාව සඳහා ප්‍රධාන පොහොර සහනාධාරය ආරම්භ කිරීම - මෙහි ප්‍රධාන අරමුණ වූයේ සාම්ප්‍රදායික සහල් ප්‍රභේදවලින් ඉහළ අස්වැන්නක් ලබා දෙන ප්‍රභේදවලට [high-yielding varieties] මාරු වීමට ගොවීන් දිරිමත් කිරීමයි. මේවා රසායනික පොහොරවලට ඉහළ ප්‍රතිචාර දක්වයි. මෙම සහනාධාරය වී ගොවිතැන සඳහා අවශ්‍ය වන පොහොර පිරිවැයෙන් 50% ක් ආවරණය කරන ලදි. [2]
  • 1975: සහනාධාරය සියලුම බෝග ආවරණය වන පරිදි පුළුල් කරන ලදි - යූරියා (urea), ඇමෝනියම් සල්ෆේට් (ammonium sulphate), පාෂාණ පොස්පරස් (rock phosphorus), ත්‍රිත්ව සුපර් පොස්පේට් (triple superphosphate) සහ පොටෑෂ් මියුරේට් (potash muriate) වැනි නයිට්‍රජන් පොහොර සඳහා මෙම ප්‍රතිපත්තිය අදාළ විය. මහ බැංකුවට අනුව, කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ ආදී සෑම කර්මාන්ත මට්ටමකම පොහොර නිෂ්පාදනය සඳහා අනුමැතිය ලබා දෙන ලදි.
  • 1979: සහනාධාර අනුපාත සංශෝධනය කිරීම - යූරියා සඳහා වැය වන පිරිවැයෙන් 85% ක් සහ අනෙකුත් පොහොර සඳහා වැය වන පිරිවැයෙන් 75% ක් ආවරණය වන පරිදි ගාස්තු සංශෝධනය කරන ලදි. ඇමෝනියම් සල්ෆේට් සහ පාෂාණ පොස්පේට් සඳහා වූ සහනාධාරය ඉවත් කරන ලදි.
  • 1990: සහනාධාරය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම - මෙයට හේතුව ලෙස කෘෂිකර්ම පර්යේෂකයන් දක්වා ඇත්තේ එය රජයේ අයවැයට විශාල බරක් වීමයි.
  • 1994: සහනාධාරය නැවත හඳුන්වාදීම - සීමිත පොහොර වර්ග සඳහා පමණි.
  • 1997: සහනාධාරයෙන් ආවරණය වූ එකම පොහොර වර්ගය යූරියා බවට පත් විය
  • 2005: පුළුල් සහනාධාරය නැවත හඳුන්වාදීම - වී සඳහා අවශ්‍ය වන ප්‍රධාන පොහොර වර්ගවල මිශ්‍රණ සඳහා නොව ඒවායේ ශුද්ධ ස්වරූපවල‍ට සීමා විය. තේ, රබර් සහ පොල් වගා කරන කුඩා ගොවීන් (අක්කර පහකට අඩු ඉඩම් සහිත) සහනාධාරය සඳහා සුදුසුකම් ලබන ලදි.
  • 2016: සෘජු මුදල් ප්‍රදාන ලබාදීමේ ක්‍රමය - මීට පෙර, රජයේ ආයතන හරහා ගොවීන්ගේ ඉල්ලීම මත සහන මිලට පොහොර භෞතිකව ලබා දෙන ලදි. මෙය වෙනුවට ගොවීන්ගේ කෝපයට හේතු වූ සෘජු මුදල් ප්‍රදාන ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදෙන ලදි. මහා පරිමාණ වෙළෙඳුන් විසින් පොහොර තොග ගොඩ ගසාගන්නා බැවින් එවන මුදලින් පොහොර මිලදී ගැනීමට නොහැකි බව ගොවීහු කියා සිටියහ.

විවිධ ආණ්ඩු පොහොර සහනාධාරය 'පරිපාලනය' කිරීමට උත්සාහ කර ඇති ආකාරය අප මේ වන විට සොයා බලා ඇති අතර මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලාංකික බදු ගෙවන්නාගේ මුදල්වලින් කොපමණ ප්‍රමාණයක් වැය කර ඇත් දැයි දැන් රූපණය කර බලමු.

සහනාධාරය සඳහා වැය කර ඇති වියදම

රජයේ මුළු වියදම (රුපියල් බිලියනවලින්)

සහනාධාරය සඳහා වැය කර ඇති වියදම (රුපියල් මිලියනවලින්)

සහනාධාරය සඳහා වන වියදම රජයේ වියදමින් % ලෙස

සහනාධාරයේ හේතුඵලතාව

බොහෝ අපනයන සහ අතිරේක බෝග ආවරණය වන පරිදි සහනාධාරය පුළුල් කළ ද, එය මූලික වශයෙන් හඳුන්වා දෙනු ලැබුවේ සහල් නිෂ්පාදනයට සහාය වීමටයි. එය එම ඉලක්කය කරා දායක වී ඇති බව පහත සංඛ්‍යාවලින් පෙන්නුම් කෙරේ.

නිෂ්පාදනයේ මෙම වැඩිවීම රටේ වැඩිවන ජනගහනය සමඟ සලකා බලන්න. ඇත්තෙන්ම ඉලක්කය ස්වයංපෝෂිතභාවය හෝ එයට යම් තරමකින් හෝ ළඟාවීම නම් වැඩිවන ජනගහනය සඳහා අත්‍යවශ්‍ය ආහාර සැපයුම්වල වැඩි නිෂ්පාදනයක් අවශ්‍ය වනු ඇතැයි යමෙකු උපකල්පනය කළ යුතුය.

සහල් නිෂ්පාදනය - මෙට්‍රික් ටොන් '000

ජනගහනය

එමනිසා, අත්‍යවශ්‍ය කෘෂිකාර්මික නිෂ්පාදන මට්ටම සාක්ෂාත් කර ගැනීමේ වේගවත්ම ක්‍රමය වන්නේ ගොවිතැනේ දී පොහොර භාවිතය වැඩි කිරීම හෝ දිගටම පොහොර භාවිත කිරීමයි. මෙම විකල්ප දෙකම කෘෂිකාර්මික ක්‍රියාවලිය තවදුරටත් අධිවේගී කරයි.

වගා කළ හැකි ඉඩම් හෙක්ටයාරයකට පොහොර කිලෝග්‍රෑම් (Fertiliser kg/ha of arable land)

ශ්‍රී ලංකා පාංශු විද්‍යා සංගමයේ සභාපති මහාචාර්ය ඩබ්. ඒ. යූ. විතාරණ කාබනික පොහොර ආනයනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙසේ ලියා ඇත:

වර්තමාන කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රමවලට 100% කාබනික පොහොර භාවිතයෙන් අපේක්ෂිත ඉහළ නිෂ්පාදන මට්ටම් පවත්වා ගැනීමට නොහැකි බව විද්‍යාත්මකව ඔප්පු කර ඇති කරුණකි. ශ්‍රී ලංකාව වැනි විවිධ පාංශු සහ දේශගුණික තත්ත්වයන් ඇති රටක යථාර්ථය මෙයයි. එබැවින් මෙම අදූරදර්ශී තීරණය ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීම රට තුළ ආහාර හිඟයකටත්, දිගුකාලීනව මන්දපෝෂණයටත් හේතු වනු ඇත.

මෙම 'අදූරදර්ශී තීරණය' සමීපව සලකා බැලීමෙන් අපට පෙනී යන්නේ ඔහුගේ වචන දිගු හා කෙටි කාලීන යන දෙයාකාරයෙන්ම දිව්‍යමය අනාගත වාක්‍ය වැනි වූ බවයි.

තහනම සහ එය ආපසු හැරවීම

රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ ප්‍රතිපත්තිමය වෙනස එක රැයකින් සිදු විය. පොහොර ප්‍රතිපත්තියේ සිදු වූ වෙනසෙහි ක්ෂණික බලපෑම බොහෝ ආකාරවලින් වාර්තා විය:

  • පොහොර සහනාධාරය නැවත හඳුන්වාදීම සඳහා වන ගොවීන්ගේ විරෝධතා තහනමෙන් ඉක්බිතිවත් ක්‍රමානුකූලව අඛණ්ඩව පැවතුනි.
  • වෙළඳ මධ්‍යස්ථානවල – සුපිරි වෙළඳසැල්වල හෝ සති පොළවල – ගබඩා කර ඇති නිෂ්පාදන ප්‍රමාණය අඩු වූ අතර ඒවා සෑම සතියකම වෙනස් විය. විවිධ ගැටලු හේතුවෙන් ඇති වී ඇති හරිත එළවළු හිඟය පිළිබඳව සමාව අයැදමින් සිල්ලර වෙළෙන්දන් සහ බෙදාහරින්නන් විසින් මුද්‍රණය කර ප්‍රදර්ශනය කර තිබූ දැන්වීම් අපගේ පර්යේෂකයන් දැක ඇත.
  • පසුගිය කන්නයේ වෙහෙස මහන්සි වී වගා කළ වී, පසෙහි නයිට්‍රේට් නොමැතිකම හේතුවෙන් මැලවී යන බව දක්නට ලැබුණි.
  • ලබා ගැනීමේ හැකියාව අඩු වීමත් සමඟ දේශීයව වගා කරන ආහාර ද්‍රව්‍යවල මිල අහස උසට නගින ලදි. නගර තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමට යන වියදම වසර පුරා අඛණ්ඩව ඉහළ යන ලදි.

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ගත් තීරණයත් සමඟම, කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමට රජය ඊළඟ මාසවල උත්සාහ කරන ලදි. කාබනික පොහොර ආනයනය කිරීමට තීරණය කරන ලද නමුත් මෙම පියවර බොහෝ දුරට පසුව ඇති වූ සිතුවිල්ලක් ලෙස පෙනී යන ලදි. කෙසේ වෙතත්, විශේෂඥයින් අනතුරු ඇඟවූයේ ආනයනික කාබනික පොහොර දේශීය පස හා ජල මූලාශ්‍ර දූෂණය කිරීමේ අවදානමක් සහිත බවයි.

ඊට සමගාමීව දේශීය පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමේ සැලසුම් ක්‍රියාත්මක වුවත් එසේ වූයේ මෙම මාරුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි. [3]

ශ්‍රී ලංකා කෘෂිකාර්මික ආර්ථික විද්‍යා සංගමය (Sri Lanka Agricultural Economics Association) පැවසුයේ මෙම තහනම් කිරීම කරුණු කිහිපයක් යටතේම ජනාධිපති රාජපක්ෂගේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ආකෘතියට පරස්පර වූ බවයි. ඔවුන් පැවසූයේ යථා තත්ත්වයට පත් වීම සඳහා ප්‍රමාණවත් සැලසුම් හෝ ගොවීන් සඳහා නම්‍යශීලීභාවයකින් හෝ තොරව සිදු කළ ඉක්මන් වෙනස් වීම රට ආහාර හිඟයට මුහුණ දීමේ වඩාත් අවදානමකට පත් කළ බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පාංශු සාරවත් බව සහ ශාක පෝෂණය පිළිබඳ මහාචාර්ය සමන් ධර්මකීර්ති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නිෂ්පාදකයින් විසින් රට තුළ නිපදවන කාබනික පොහොර ප්‍රමාණය වී වගාවේ අවශ්‍යතා සපුරාලීමට පමණක්වත් ආසන්නවත් නොවන බව ලිවීය.

මහාචාර්ය ධර්මකීර්තිගේ ගණනය කිරීම්වලට අනුව, අප රට කොම්පෝස්ට් ටොන් මිලියන 0.22 ක් පමණක් නිෂ්පාදනය කරමින් සිටින ලදි. මෙය කාබනික වී වගාව පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රමාණයෙන් යන්තමින් ¼ ක් පමණ වන අතර, වී සහ තේ යන දෙකටම අවශ්‍ය ප්‍රමාණයෙන් යන්තමින් ⅛ ක් පමණ වේ.

කන්න අටක් පුරා සිදු කරන ලද දිගුකාලීන අත්හදා බැලීම් පැවතිනි. කාබනික පොහොර යෙදීමෙන් පසෙහි ඇති කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වීමක් සිදු නොවන බව මෙම අධ්‍යයනවලින් පෙන්නුම් කරන ලදි. මහාචාර්ය ධර්මකීර්තිගේ ලිපි මෙය සනාථ කරයි — එනම්, ගුණාත්මක බවින් අඩු කාබනික පොහොර භාවිතය හෝ කාබනික පොහොර අධික ලෙස භාවිතය හෝ අස්වැන්න වැඩි කිරීම කෙරෙහි කිසිඳු බලපෑමක් ඇති නොකරන බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික විද්‍යාඥ ජීවිකා වීරහේවා පැවසුවේ සැප්තැම්බර් සිට මැයි දක්වා වගා කාලය, එනම් මහ කන්නයේ සිදු කළ හදිසි තහනම හේතුවෙන් සිදු වූ බෝග පාඩුව දළ වශයෙන් 40% ක් වනු ඇති බවයි. වැවිලිකරුවන්ගේ සංගමයේ කර්මාන්ත නිලධාරීන් ද මෙයම පවසන ලදි.

මෙම හදිසි තීරණයට විරෝධය මතු කළ එක් ප්‍රධාන චරිතයක් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යා අංශයේ මහාචාර්ය බුද්ධි මාරඹේ ය.

දේශීය පොහොර නිෂ්පාදකයින්ගේ සූදානමක් නොමැතිකම සමඟ සිදු කළ මෙම සම්පූර්ණ තහනමේ ගැටලු ඔහු මාධ්‍ය වෙත ලබා දුන් ලිපි සහ සම්මුඛ සාකච්ඡා ගණනාවක දී පෙන්වා දෙන ලදි.

මහාචාර්ය මාරඹේ ඒ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශක තනතුරු කිහිපයක සේවය කරමින් සිටියේය. ඔහුගේ විවේචනය හේතුවෙන් ඔහුව ඉක්මනින්ම මෙම සියලුම තනතුරු වලින් ඉවත් කරන ලදි.

කෘෂිකර්මය පිළිබඳ සැබෑ විශේෂඥයින් බොහෝදෙනෙකු හා ගොවීන් ද මෙම හදිසි තීරණය නැවත සලකා බලන ලෙස රාජපක්ෂ පාලනයෙන් ඉල්ලා සිටිය ද අනෙකුත් 'ජාතිකවාදී' බුද්ධිමතුන්ගේ ඝෝෂාවෙන් ඔවුන්ගේ හඬ යටපත් වන ලදි. මේ අතරට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) හිටපු සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, එවකට රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන සහ අතුරලියේ රතන හිමි වැන්නන් අයත් වේ.

ඔක්තෝබර් වන විට, රසායනික පොහොර තහනමට එරෙහි ගොවීන්ගේ විරෝධතා පුළුල්ව පැතිරී තිබිණි. වැඩිවන විරෝධය මධ්‍යයේ ආණ්ඩුව අදියරෙන් අදියර තහනම ලිහිල් කරන ලදි.

නොවැම්බර් මාසයේ දී රජය තම තීරණය සම්පූර්ණයෙන්ම ආපසු හරවමින් පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කිරීමට ඉඩ සලසන ලදි.

රසායනික පොහොර සහනාධාරය නැවත ලබා නොදෙන බව ද එවකට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරන ලදි. කෙසේ වෙතත් වී ගොවීන් කාබනික පොහොර සඳහා සහනාධාරය සඳහා සුදුසු යැයි සලකනු ලැබේ.

2022 අප්‍රේල් මාසය වන විට #GotaGoHome විරෝධතා ව්‍යාපාරය උග්‍ර වෙමින් තිබිය දී පොහොර තහනම වරදක් බව ජනාධිපතිවරයා අවසානයේ පිළිගත්තේය.

රෝගයට වඩා හානියක් ප්‍රතිකාරයෙන් වීම

නිෂ්පාදනය කරන ආහාර ප්‍රමාණය හිඟ වීමත් සමඟ දිග හැරෙන, තවදුරටත් නරක අතට හැරීමට නියමිත මෙම ව්‍යසනය හරහා සිදු වන හානිය පාලනය කිරීමට රජයට පියවර කිහිපයක් ගැනීමට සිදු විය.

සරලවම කිවහොත්, මිනිසුන්ට කෑමට යමක් ඇතැයි යන්න සහතික කිරීමට ඔවුන්ට විශාල මුදලක් වැය කිරීමට සිදු විය.

  • ඔවුන් වගා කිරීමට සිදු කළ අරගලය සලකා බලා වී කිලෝවකට රුපියල් 95 ක වාර්තා ගත මිලක් ගොවීන්ට ගෙවන ලදි. ඉන් වැඩි කලක් යන්නට මත්තෙන් රජය නිවේදනය කළේ ගොවීන් අත්විඳි ‘බෝග හානි’ වෙනුවෙන් වන්දි ගෙවීමට රු. මිලියන 40 ක් වැය කරනු ඇති බවයි.
  • ඔවුන් සහනාධාරය යටතේ බෙදා හරින ලද තොග සඳහා ඔවුන්ට රුපියල් බිලියන 26 ක හිඟ මුදල් ගෙවන ලෙස පෞද්ගලික අංශයේ පොහොර සමාගම් රජයෙන් ඉල්ලා සිටින ලදි. ආනයනයන් සඳහා ගෙවීමට ඔවුන්ට මෙම මුදල් අවශ්‍ය විය.
  • 2021 නොවැම්බර් මාසයේ දී ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර පැමිණි අතර ඒ නැගෙනහිර පළාතේ ගොවීන්ට උදව් වීමට බව කියැවිණි.

ශ්‍රී ලංකා පාංශු විද්‍යා සංගමය සඳහන් කළේ එය අපගේ බෝග සහ පරිසරයට යෝග්‍ය දැයි ප්‍රමාණවත් තොරතුරු නොමැතිවම නැනෝ පොහොර ආනයනය කිරීම සඳහා මහජන මුදලින් රු. මිලියන 7,900 ක් නැතිනම් ඩොලර් මිලියන 39 ක් වැය කර ඇති බවයි.

  • 2020 පෙබරවාරි මාසයේ දී, පහත වැටෙන විදේශ මුදල් සංචිත ගැටලුව විසඳීම සඳහා සහල් ආනයනය සීමා කර තිබුණි. පොහොර තහනමේ ක්ෂණික බලපෑම හේතුවෙන් විදේශ මුදල් සංචිත ක්ෂය වෙමින් තිබිය දී රටට සහල් ආනයනය කිරීම නැවත ආරම්භ කිරීමට සිදු විණි.
  • මෙරටට කාබනික පොහොර ආනයනය කළ Qingdao Seawin Bio-tech පොහොර සමාගමට ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමට ශ්‍රී ලංකාව තීරණය කළේ ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවය (National Plant Quarantine Service) එම පොහොර සාම්පලවල හානිකර බැක්ටීරියා අඩංගු බව ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වූ අවුල් සහගත තත්ත්වයෙන් පසුව ය.
  • ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් සහ මියන්මාරයෙන් මෙට්‍රික් ටොන් 300,000 ක් යම් වැඩපිළිවෙලක් යටතේ ආනයනය කිරීමට නියමිතව තිබිණි. සහල් ටොන් එකකට, නැව්ගත කිරීම ඇතුළුව රුපියල් 126,750 ක් නැතිනම් ඇ. ඩො. 445 ක් වැය වේ. සමස්තයක් වශයෙන්, ඒ සඳහා රු. බිලියන 50 ක් නැතිනම් ඇ. ඩො. මිලියන 178 ක් වැය වනු ඇත.
  • 2022 මාර්තු 01 වැනි දින රජය නිවේදනය කළේ පසුගිය වගා කන්නයේ බෝග හානි වූ සියලුම ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 50,000 ක් බැගින් ගෙවන බවයි.

ප්‍රධාන කෘෂිකාර්මික බෝග, සුළු අපනයන බෝග සහ අතිරේක ආහාර බෝගවල වාර්ෂිකව වගා කරනු ලබන සාමාන්‍ය හෙක්ටයාර ප්‍රමාණය හෙක්ටයාර 1,697,480 කි. [4]

මෙම ප්‍රමාණයෙන් අඩක්වත් 'බෝග හානි වූ' ගණයට සුදුසුකම් ලබන්නේ නම්, රජයට දළ වශයෙන් රු. බිලියන 42 ක් මේ සඳහා වැය කිරීමට සිදු වනු ඇත.

එනම් මෙම වන්දි සඳහා ඇ. ඩො. මිලියන 187 ක් පමණ අවශ්‍ය වේ.

එය වියදම් කිරීමට විශාල මුදලක් වේ, විශේෂයෙන් ඔබ කොහොමත් ප්‍රමාණවත් තරම් මුදල් නොමැති රටක් නම්.

මේ සියල්ල එකට සලකා බලමු

පැහැදිලිව කිවහොත් කාබනික ගොවිතැන ගැටලුවක් නොවේ. නමුත් පමණට වඩා සරල කොට දක්වන ලද සංකල්ප මත පදනම් වූ ප්‍රතිපත්ති ගැටලුවක් වේ. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය වැනි සංකීර්ණ ක්ෂේත්‍රයක් සමඟ කටයුතු කරන විට.

Watchdog සමඟ කතා කළ කාබනික ගොවීන් පෙන්වා දුන්නේ පොහොර මාරු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. අප බෝග වවන ආකාරය පුළුල්, ගැඹුරු ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම අවශ්‍ය වේ.

“අපි වගා කළ ගොවිබිම්වල කෙනෙකුට රසායනික පොහොරවලින් ලබා ගත හැකි අස්වැන්නම, සමහර විට ඊටත් වඩා වැඩි අස්වැන්නක් අපට කාබනික ක්‍රමවලින් ලබා ගත හැකියි. නමුත් ඒ සඳහා කාලය, දැනුම සහ කාබනික පොහොරවලට මාරු වීම පමණක් යන්නෙන් එහාට ගිය වඩා පුළුල් වෙනසක් අවශ්‍ය වෙනවා.” - චතුරිකා සෙව්වන්දි, සම නිර්මාතෘ, ග්‍රීන්ෆෙම් පාරිසරික ගොවි පුහුණු මධ්‍යස්ථානය

මෙය ඉතා මැනවින් සිදු වනුයේ ගොවීන් සඳහා බීජ වර්ග පිළිබඳව අධ්‍යාපනය, දරා ගත හැකි මුදලට තාක්‍ෂණය සඳහා ප්‍රවේශය වැඩි කිරීම, ඔවුන්ගේ නිෂ්පාදන සිල්ලර වෙළඳාම සඳහා නිර්මාණය කර ඇති අවකාශයන් හෝ වෙළඳපළවල් හෝ සහිත තත්ත්වයක් තුළය. මෙමගින් ගොවීන් වඩාත් ස්වාධීන කරන අතර දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව සහතික කෙරේ.

කෙසේ වෙතත්, මෙම සහයෝගය ලබාදීමෙහි සහ ශක්‍යතා ගොඩනැගීමෙහි ලා රජයේ දායකත්වය ප්‍රමාණවත් නොවේ. ගොවීන් පෙර කළ ආකාරයටම නිෂ්පාදනය දිගටම කරගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අපගේ පොඩ්කාස්ට් මාලාවේ නවතම කථාංගයේ දී මහාචාර්ය බුද්ධි මාරඹේ සඳහන් කළේ මුළු රටේම ආහාර සුරක්ෂිතතාව කාබනික ගොවිතැන මත පදනම් කිරීම නුවණට හුරු නොවන බවයි.

මෙම වසරේ මුල ලිපියක, තහනමේ පුළුල් බලපෑම සහ මෙම විෂයට අදාළ විශේෂඥයින්ට සවන් දීමට රජය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය මාරඹේ මෙලෙස ලියා ඇත:

"අපගේ ප්‍රතිපත්ති සම්පාදකයින් කෘෂිකාර්මික ආර්ථිකය, ගොවි ප්‍රජාව, ශාස්ත්‍රීය විද්වතුන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් වෙළඳ ද්‍රව්‍ය පර්යේෂණ ආයතනවල විද්‍යාඥයින් සහ රටේ ආහාර සහ ආහාර බෝග නිෂ්පාදන අංශය විසින් දශක ගණනාවක් පුරා ලබා තිබූ ප්‍රගතිය පහත හෙලා ඇත. මෙහි හානිය අති විශාලයි; සිදු වූ පාඩු ආපසු පිළියම් කළ නොහැකියි.”

අප්‍රේල් 01 වැනි දින Watchdog ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික දිස්ත්‍රික්ක පහ, එනම් හම්බන්තොට, අම්පාර, නුවරඑළිය, පොළොන්නරුව සහ යාපනය හරහා කිලෝමීටර් 1,600 ක ගමනක් ආරම්භ කරන ලදි. මෙම හදිසි තීරණය මගින් විපතට පත් ගොවීන්ගෙන් එය ජීවනෝපායන්ට බාධා කරන ආකාරය අපට සෘජුවම අසන්නට ලැබිණි.

අපගේ මෙම ලිපි මාලාවේ ඉදිරි කොටස්වල දී, මෙම තහනම ඔවුන්ගේ වගාබිම්වලට ඇති කළ බලපෑම නිදර්ශනය කිරීම සඳහා අපි මෙම ගොවීන්ගේ අදහස් කෙරෙහි අවධානය යොමු කරන්නෙමු.

පාද සටහන්

https://www.youtube.com/watch?v=xFqecEtdGZ0

[1] සිරිසේනගේ උපන් ගම වන පොළොන්නරුව මැතිවරණ කොට්ඨාශය ශ්‍රී ලංකාවේ නොදන්නා හේතුවක් නිසා හටගත් නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease of unknown aetiology) හඳුනාගත් පළමු ස්ථාන අතර විය. එය තවමත් රටේ ඉහළම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන ප්‍රදේශවලින් එකකි.

පසුගිය රාජපක්ෂ රජය 2014 දෙසැම්බර් මාසයේ දී ප්‍රධාන වී වගා කරන දිස්ත්‍රික්ක පහක ග්ලයිෆොසේට් (Glyphosate) භාවිතය නතර කිරීම ක්‍රමානුකූලව සිදු කළ ද 2015 මැයි මාසයේ දී සිරිසේන නිවේදනය කළේ කෘෂි රසායන ආනයනය සහ භාවිතය සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇති බවයි.

2018 මැයි මාසයේ දී තේ සහ රබර් ක්ෂේත්‍ර සඳහා තහනම ඉවත් කළ විට ගොවිපල කළමනාකරුවන් සහ වැවිලිකරුවන් ඇස්තමේන්තු කළේ අස්වැන්නේ වාර්ෂික පාඩුව දළ වශයෙන් රු. බිලියන 35 ක් පමණ වූ බවයි. හදිසියේ රසායනික පොහොර තහනම් කිරීම පිළිබඳ තීරණයට මෙම අත්දැකීමෙන් උගත හැකිව තිබූ පාඩම් ගණන බොහොමයකි. බෝග පාළු වීමට අමතරව තහනම නිසා අවට රටවල තිබූ ග්ලයිෆොසේට් ජාවාරමට ද රට නිරාවරණය වූ අතර නියාමනය නොකළ සහ හානිකර විය හැකි විකල්ප රට තුළට ගලා ඒමට ද විය.

[2] මෙම යෝජනා ක්‍රමය සහ සහනාධාරය එකට එකතු කළ විට ඔබට අප මෙරට පරිභෝජනය කරන බෝග නිෂ්පාදනය කිරීම උත්තේජනය කරන දිරිගැන්වීම් දෙකක් දැකගත හැකිවේ. මෙයින් බොහෝමයක් හඳුන්වා දී ඇත්තේ ආහාරවලින් ස්වයංපෝෂිත වීමේ දිගුකාලීන ඉලක්කය මනසේ තබාගෙනය. මෙම සංයෝජනය ශ්‍රී ලංකාවේ ‘ගැමි’ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය විස්මය දනවන ආකාරයෙන් වර්ධනය වීමට හා ‘1946 සහ 1960 අතර කාලය තුළ වී නිෂ්පාදනය දෙකහමාර ගුණයකින් ඉහළ යාමට’හේතුව ලෙස දක්වා ඇත.

[3] කෘෂිකර්ම අමාත්‍යාංශය, එප්පාවල පොස්ෆේට් නිධියෙන් පොහොර නිෂ්පාදනය කරන ලංකා පොස්ෆේට් සමාගමෙහි නියෝජිතයන් හමුවී නිෂ්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කළේ තහනම බලාත්මක කර මාස තුනකට පසුව 2021 අගෝස්තු මාසයේ දී පමණි.

[4] ශ්‍රී ලංකා මහ බැංකුව, 'ආර්ථික හා සමාජීය සංඛ්‍යාලේඛන' වාර්තාව (Economic and Social Statistics Report), 2020.

පොහොර පරිභෝජනයේ ගෝලීය වැඩිවීමත් සමඟ වැඩි ඵලදාවක් ලබාදෙන වී වර්ග හඳුන්වාදීමට පෙර ශ්‍රී ලංකාව තුළ විවිධ සාම්ප්‍රදායික වී වර්ග වගා කෙරෙන ලදි. මෙම වී වර්ග සහ ඒ ආශ්‍රිත විශේෂවල කුලක හෝ ප්‍රභේද හෝ 4,541 ක් පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ (Plant Genetic Resources Centre) සංරක්ෂණය කර ඇත.

‘Physicochemical and nutritional properties of twenty three traditional rice (Oryza sativa L.) varieties of Sri Lanka’ හරහා ලබාගත් සම්ප්‍රදායික වී වර්ගවල රූපයක්

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සිදු කළ අධ්‍යනයක සඳහන් වූයේ මෙම පාරම්පරික වී වර්ග වගා කිරීමේ දී බාහිර යෙදවුම් අවශ්‍ය වූයේ අඩුවෙන් බවයි. ඒ වෙනුවට, යොදාගත් සාම්ප්‍රදායික තාක්‍ෂණය 'ස්වාභාවික බලවේග ඒවායේ උපරිම ප්‍රමාණයට යොදා ගන්නා’ ලදි.

[3] කුඹුරුවල සාරවත් බව වැඩි දියුණු කිරීම සඳහා, පැළ සිටු වීමට පෙර ගන්සූරිය වැනි ශාකවල පත්‍ර පසට එකතු කරන ලදි. අස්වනු නෙලීමෙන් පසු ඊළඟ කන්නය සඳහා පස සැකසීම ආරම්භ වන තෙක්, එළදෙනුන් සහ මී ගවයින් රංචුවලට නිදහසේ හෝ ගැට ගසා හෝ කුඹුරුවල තණ කෑමට ඉඩ දෙන ලදි. ඔවුහු ගොම සහ මුත්‍රා ලෙස වටිනා කාබනික පොහොර නොමිලයේ පසට එක් කරන අතරම, වල් පැලෑටි අධික ලෙස වර්ධනය වීම වළක්වා ගත්හ. එම ද්‍රව්‍ය වී ඉපනැල්ල සහ පිදුරු වැනි අනෙකුත් ශාක අපද්‍රව්‍ය දිරාපත් වීම ද වේගවත් කරන ලදි. මේ හරහා, ඊළඟ කන්නයේ ගොයම් ගස්වල අවශ්‍යතා සපුරාලීමට සුදුසු පරිදි පස නැවත පෝෂ්‍ය පදාර්ථවලින් පිරෙන ලදි. - මතුගම සෙනෙවිරුවන්, ‘දේශීය වී ප්‍රභේද සහ සම්ප්‍රදායික දැනුම’

සාම්ප්‍රදායික ගොවිතැනේ දී ගොවීහු පාරම්පරික වී වර්ග වගා කළ අතර කාබනික සම්භවයක් ඇති පොහොර (පිදුරු, කොළ පොහොර, ගොම, කුකුළු පොහොර, සත්ත්ව අපද්‍රව්‍ය, දියර පොහොර ආදිය) භාවිත කළහ. එසේම අතින් වල් නෙලීම, යාන්ත්‍රික වල් නෙලීම සහ ජල කළමනාකරණය සහ කෙම් ක්‍රම භාවිතයෙන් පළිබෝධ සහ රෝග පාලනය කිරීම, ජෛව විවිධත්වය පවත්වා ගැනීම සහ ජෛව පළිබෝධනාශක භාවිත කිරීම ද කළහ. - ආචාර්ය පී. බී. ධර්මසේන, 'ශ්‍රී ලංකාවේ පාරම්පරික වී ගොවිතැන'

අද දක්වාම විවිධ සංවිධාන ගොවීන් සඳහා මෙම ප්‍රභේද වගා කරන ආකාරය පිළිබඳව පුහුණු කිරීම් සිදු කරති. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වන්නේ වගා කරන ලද ඉඩම්වලින් 2% කට වඩා අඩු ප්‍රමාණයක් සාම්ප්‍රදායික වී වර්ගවලින් සමන්විත වන බවයි.

මෙම ලිපිය සඳහා දත්ත

YearTotal Government expenditure (LKR bn)Expenditure on subsidy (LKR mn)Subsidy as % of Government expenditure
20101293613260282.012039
20111414122298022.107456
20121574995364562.314674
20131686384197061.168536
20141809508318021.757494
20152304425495712.151123
20162351795277711.180843
20172585079303611.174471
20182714683269480.992676
20192932390349661.192406
20203040916366871.206446
Cultivation YearRice production - MT ‘000Population
19526048,256,552
19534588,417,113
19546508,591,018
19557468,778,438
19565758,978,765
19576549,190,650
19587659,412,139
19597619,640,825
19608999,874,476
196190110,111,637
19621,00310,352,179
19631,02810,597,511
19641,05610,849,975
196575811,110,820
196695711,380,670
19671,14911,657,650
19681,34811,937,600
19691,37712,214,956
19701,61912,485,740
19711,39812,747,821
19721,31513,002,231
19731,31513,252,036
19741,60513,501,935
19751,15613,755,146
19761,25514,012,899
19771,68014,273,495
19781,89414,533,690
19791,91914,788,862
19802,13415,035,834
19812,22915,272,831
19822,15615,501,207
19832,48415,724,651
19842,41315,948,487
19852,66116,176,280
19862,58816,408,859
19872,12716,643,952
19882,47716,878,189
19892,06317,106,753
19902,53817,325,773
19912,38917,535,729
19922,34017,736,821
19932,57017,924,823
19942,68318,094,477
19952,81018,242,912
19962,06118,367,288
19972,23918,470,900
19982,69218,564,599
19992,85718,663,284
20002,86018,777,601
20012,69518,911,730
20022,86019,062,482
20033,06719,224,037
20042,62819,387,153
20053,24619,544,988
20063,34119,695,972
20073,13119,842,044
20083,87519,983,984
20093,65220,123,508
20104,30120,261,737
20113,89420,398,497
20123,84720,532,600
20134,62020,663,046
20143,38120,788,511
20154,81920,908,027
20164,42021,021,171
20172,38321,128,032
20183,93021,228,763
20194,59221,323,733
20204,59121,413,249
20215,12121,497,310
YearFertiliser kg/ha of arable land
1961140.4874
1962165.4541
1963114.6313
1964106.9785
1965121.5851
1966131.8598
1967128.4318
1968163.2619
1969110.6965
1970129.7531
1971137.6225
1972121.5328
1973134.1787
1974122.1823
197585.17647
1976105.8889
1977117.4737
1978135.886
1979162.1267
1980183.6267
1981163.7778
1982181.6021
1983192.9988
1984218.9186
1985222.234
1986217.7723
1987227.6067
1988230.6236
1989233.9079
1990190.1589
1991196.2281
1992202.9359
1993239.208
1994246.3228
1995232.5542
1996238.0722
1997235.0372
1998262.0067
1999286.2773
2000269.9071
2001266.4498
2002304.563
2003259.1842
2004287.01
2005255.2918
2006291.3152
2007288.525
2008311.7117
2009281.3764
2010229.0475
2011257.3146
2012214.0895
2013173.9857
2014261.3146
2015307.1471
2016126.2628
2017117.3936
2018138.2963